ඉතා දුර්ලබ ඩයිනෝසර් පොසිලයක් බලන්න මෙල්බන් ජනතාවට අවස්ථාව

ඉතා දුර්ලභ Tyrannosaurus Rex වර්ගයේ ඩයිනෝසෝර පොසිලයක් මෙල්බර්න් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

වික්ටෝරියා ලෙස නම් කර ඇති මෙම ඩයිනෝසෝරයා මෙල්බර්න් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර එම සත්වයා මීට වසර මිලියන 66 කට පමණ පෙර පෘථිවියේ ජීවත් වන්නට ඇති බවටයි සැලකෙන්නේ.

එවැනි සත්වයකුගේ පොසිලයක් මෙල්බන් ජනතාවට දැක බලා ගැනීමට ලැබීම විශේෂිත අවස්ථාවක් ලෙසටයි බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ.

පුරාවිද්‍යාඥ ආචාර්ය එරික් ෆිට්ස්ජෙරල්ඩ් පැවසුවේ ජීවිත කාලය පුරාම මෙලෙස ඩයිනෝසරය පොසිලයක් යළිත් දැකගැනීමට නොහැකි බවයි.

2013 වසරේ දකුණු ඩැකෝටා ප්‍රදේශයෙන් මෙම ෆොසිලය සොයා ගන්නා ලද අතර එය සියයට 70ක් පමණ නොවෙනස්ව පැවති බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා ඩයිනෝසෝර පොසිලය අස්ථි කොටස් 199කින් සමන්විත වන අතර මීටර් 12කට වඩා දිගින් යුත් එය මීටර් 3.6ක පමණ උසකින් යුක්ත වනවා.

මෙය දෙස් විදෙස් සංචාරකයින් සදහා වඩාත් ආකර්ෂණීය අංගයක් වනු ඇතැයි සැලකෙන අතර ඩයිනෝසෝර පොසිල නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවන්නේ ලබන 28 වනදා සිටයි.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »