අතුරුදන් වූ ගුවන් යානයේ සිටි මලාවි උප ජනාධිපතිගේ සිරුර හමුවෙයි

අද උදෑසන සිදුවූ ගුවන් අනතුරින් මලාවි උප ජනාධිපති Saulos Chilima ඇතුළු ගුවන් යානයේ ගමන් කළ තවත් 9 දෙනෙක් මිය ගිය බව එරට ජනාධිපති කාර්යාලය පවසනවා.

ජනාධිපති කාර්යාලය සහ කැබිනට් මණ්ඩලය අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

ජනාධිපති ලාසරස් චක්වේරා ජාතිය අමතමින් සඳහන් කළේ කඩා වැටුණු ගුවන් යානයේ සුන්බුන් අතරින් ජිවතුන් අතර සිටි කිසිවෙකු හමු නොවූ බවයි.

උප ජනාධිපති Saulos Chilima සහ තවත් නව දෙනෙකු රටේ උතුරු ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී යි එම යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන්ව ගොස් තිබුණේ.

හමුදා ගුවන් යානයක් වන මෙම යානය අයහපත් කාලගුණය මධ්‍යයේ ගමන් කරමින් තිබූ අතර එම තත්වය අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනාධිපති චක්වේරා පැවසුවේ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම අවසන් කර යානය සොයා ගත් බව මලාවි ආරක්ෂක සේනා ආඥාපතිවරයා තමාට දන්වා ඇති බවයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »