සියළුම iPhoneවල iOS මෙහෙයුම් පද්ධතියට වෙනස්කම් රැසක්

Apple සමාගම විසින් සියළුම iPhoneවල ක්‍රියාත්මක වන iOS මෙහෙයුම් පද්ධතියට වෙනස්කම් රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම සියලු වෙනස්කම් මෙම වසර අවසානයේදී iPhone සඳහා යාවත්කාලීන වනු ඇති බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.

හඳුන්වා දෙන නව විශේෂාංග අතර iPhoneහි Screenවල පෙනුම හිමිකරුට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කර ගැනීමට, නව පෙනුමකින් යුත් Photos app එකක් සහ කෙටි පණිවුඩ (Messages) යෙදුමට වැඩිදියුණු කිරීම් කිහිපයක් ඇතුලත් බව සඳහන්.

නව වෙනස්කම් ඇතැම් පැරණි iPhoneවල ක්‍රියාත්මක නොවන බව ද Apple සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

iPhone සඳහා වන නව iOS මෙහෙයුම් පද්ධතිය මඟින් පරිශීලකයින්ට සියලු app කැමති සඳහා වර්ණ පසුබිමක් තෝරා ගැනීමට ද අවස්ථාව හිමි වනු ඇති.

iOS 18 ලෙස හැඳින්වෙන නව මෙහෙයුම ඉදිරි මාස කිහිපය තුල අත්හදා බැලීම් සිදු කර නොමිලේ ලබාදීමට නියමිතයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »