Honeymoon යන්න ලොව හොඳම රටවල් අතර ශ්‍රී ලංකාවට ඉහළම තැනක්

මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම රටවල් 20 අතරින් ශ්‍රී ලංකාවට 5වැනි ස්ථානය හිමිව තිබෙනවා.

ඒ enjoy travel ජාත්‍යන්තර වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ සමීක්ෂණ වාර්තාවකට අනුවයි.

ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවට අනුව මධුසමය ගත කිරීම සඳහා ලොව හොඳම රටවල් අතරින් පළමු ස්ථානය හිමිව ඇත්තේ තායිලන්තයටයි.

දෙවන ස්ථානය චිලී රාජ්‍යයටත් තුන්වන ස්ථානය ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයටත් හිමිව තිබෙනවා.

හතරවන ස්ථානය සැන්සිබාර් දූපත් වෙතටත් 5 වන ස්ථානය ශ්‍රී ලංකාවටත් ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව පස්වන ස්ථානයට පැමිණීමට හේතු ලෙස enjoy travel වෙබ් අඩවිය දක්වා ඇත්තේ මීදුම් සහිත කඳු, විචිත්‍රවත් තේ වතු, අලංකාර වෙරළ තීරයන්, වනජීවී උද්‍යාන, ඓතිහාසික බලකොටු නගර සහ තවත් බොහෝ සුවිශේෂී අත්දැකීම්වලින් සමන්විත වීමයි.

උඩවලව ජාතික වනෝද්‍යානය, ආරුගම් බේ වෙරළ තීරය ද මෙහිදී වඩාත් සිත් ඇදගන්නා ආකාරයෙන් ඔවුන් විස්තර කර තිබෙනවා.

මීට අමතරව ශ්‍රී ලංකාවේ ආකර්ශනීය සංචාරක කේන්ද්‍රස්ථානයක් වන ගාල්ල ප්‍රදේශය ද මෙම ශ්‍රේණිගත කිරීම්වලදී සැලකිල්ලට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වල් නාශකයක් ගැන අධිකරණ නියෝගයක්

බේයර් සමාගම විසින් බෙදා හරිනු ලබන වල්නාශකයක් මගින් රුධිර පිළිකා ඇති කරන බවට වූ නඩුව ෆෙඩරල් අධිකරණයේ විනිසුරු මයිකල් ලී විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේ පාසල් ළමයින් රැගෙන ගිය බස් රථයක් අනතුරක

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් (Gippsland region) ප්‍රදේශයේදී පාසල් සිසුන් 20 දෙනෙකු රැගෙන යමින් තිබූ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Energy Drink ගන්නවා නම් මේ ගැනත් අවධානයෙන් ඉන්න

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය පුරා සිදුකළ වැටලීමකදී නීති විරෝධී කැෆේන් අඩංගු ශක්තිජනක පාන වර්ග සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »