Search

මෙල්බන් නගරයට නව භූගත දුම්රිය ස්ථානයක්

Melbourne නගරයේ Marvel Stadium හි අභ්‍යන්තරයේ ඉදි කිරීමට නියමිත නව දුම්රිය ස්ථානය සඳහා වන සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම නව දුම්රිය ස්ථානය Metro2 ලෙස නම් කර ඇති මෙට්‍රෝ උමං ව්‍යාපෘතියේ දෙවන කොටස බවටයි සඳහන් වන්නේ.

මෙල්බර්න්හි නව දුම්රිය ස්ථාන තුනක් සහ භූගත දුම්රිය උමං මාර්ගයක් සඳහා සැලසුම් මෙලෙස අනාවරණ වී තිබුණ ද රජයේ ඇමතිවරයෙකු සඳහන් කර ඇත්තේ මුදල් ගැටළු හේතුවෙන් මෙම ව්‍යාපෘති තවදුරටත් ප්‍රමාද වනු ඇති බවයි.

නව දුම්රිය ස්ථානය යෝජිත මෙට්‍රෝ උමං ව්‍යාපෘතියේ කොටසක් වන අතර ඒ සඳහා අනුග්‍රහය Infrastructure Victoria විසින් දරන බවයි වාර්තා වන්නේ.

එමගින් ක්ලිෆ්ටන් හිල් සිට නිව්පෝට් දක්වා නව දුම්රිය මාර්ගයක් නිර්මාණය කරනු ඇතැයි සඳහන්.

නව සැලසුම තුළින් 2050 වසර වන විට 80,000ක ජනතාවක් ප්‍රයෝජන ලබනු ඇතැයි රජය විශ්වාස කරනවා.

ප්‍රාන්තයේ ප්‍රවාහන හා සැලසුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සැලැස්මට අනුව නව දුම්රිය ස්ථානය ඩොක්ලන්ඩ්ස් හි මාර්වල් ක්‍රීඩාංගනයේ සහ යාරා ගඟ ආසන්නයේ ඉදිකරනු ඇති.

වික්ටෝරියානු අමාත්‍ය Natalie Hutchins පැවසුවේ ව්‍යාපෘතිය ඉදි කිරීමට බොහෝ දුරට ඉඩ ඇති නමුත් ඒ සඳහා නිශ්චිත කාලයක් මෙතෙක් නොමැති බවයි.

එම ව්‍යාපෘතියේ පළමු අදියර ඩොලර් බිලියන 34.5 ක වියදමින් 2035 දී අවසන් කිරීමට සැලසුම් කර තිබුණ ද දැනට අරමුදල් පරතරය ඩොලර් බිලියන 20ක් පමණ වන බවයි වාර්තා වන්නේ.