වසර ගණනකට පසු චීන අගමැති ඔස්ට්‍රේලියාවට එන දින වකවානු ප්‍රකාශයට පත් කෙරේ

චීන අග්‍රාමාත්‍ය Li Qiang 2017 වසරෙන් පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියාවට පැමිණෙන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන චීන අගමැතිවරයා අගමැති ඇන්තනි ඇල්බනිස් සමග සෙනසුරාදා කැන්බරාහි පාර්ලිමේන්තු මන්දිරයේ වාර්ෂික රැස්වීමකට ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

චීන අග්‍රාමාත්‍යවරයා සිය සිව් දින සංචාරයේදී ඇඩිලේඩ් සහ පර්ත් වෙත සංචාරය කිරීමට සූදානමින් සිටින අතර හත්වැනි ඕස්ට්‍රේලියා චීන ප්‍රධාන විධායක නිලධාරී සාකච්ඡාවේ දී මෙරට සිටින චීන ව්‍යාපාරික නායකයින් හමුවීමට ද සැලසුම් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය Li Qiang ගේ ඕස්ට්‍රේලියානු සංචාරය රටවල් දෙකටම ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් සෘජුව හමුවී සාකච්ඡා කිරීමට වැදගත් අවස්ථාවක් බව අගමැති ඇන්තනි අල්බනිස් ප්‍රකාශ කළා.

ඔහු පෙන්වා දුන්නේ ඔස්ට්‍රේලියාව චීනය සමඟ ස්ථාවර සහ සෘජු සබඳතාවයක් අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

චීනය ඔස්ට්‍රේලියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර මෙම ආර්ථික සබඳතාව රටවල් දෙකටම සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙ බවයි අගමැතිවරයා කියාසිටියේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »