Search

මෙල්බන් වෙරළ තීරයක කාන්තාවන්ට නිරුවත පෙන්වූ පුද්ගලයෙකුට සිදුවූ දේ

මෙල්බර්න්හි ගිනිකොන දෙසින් පිහිටි ජනප්‍රිය සංචාරක වෙරළ තීරයකදී කාන්තාවන්ට තම නිරුවත පෙන්වූ බවට චෝදනා මත පුද්ගලයෙකු වික්ටෝරියා පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කාන්තාවක් සහ වයස අවුරුදු 6 සහ 7 වයස්වල පසු වූ දැරියන් දෙදෙනෙකු ඉදිරියේ මෙලෙස අශෝභන ලෙසට හැසිරී ඇති බවයි චෝදනා එල්ල වී ඇත්තේ.

මෙම කාන්තාව තම දියණියන් දෙදෙනා සමග ඊයේ පස්වරු 4.15ට පමණ බ්‍රයිටන් බීච් හි සිටියදී මෙම අසභ්‍ය ක්‍රියාවට මුහුණ දී ඇතැයි සඳහන්.

සැකකරු මෙම කාන්තාව සහ දැරියන් ඉදිරියේ අවස්ථා දෙකකදී පමණ මෙම අශෝභන ක්‍රියාවේ නිරත වී අසල තිබූ පඳුරුවල සැඟවී ඇතැයි සඳහන්.

වික්ටෝරියා පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව නිලධාරීන් එම ස්ථානයට යොමු කර පඳුරු අතර සඟවා සිටි සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

හැම්ප්ටන් පාර්ක්හි පදිංචිකරුවෙක් වන 51 හැවිරිදි පුද්ගලයා මීට පෙර ද මෙවැනි ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

ඔහු අද මුරබ්බින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »

ප්‍රාන්ත තුනකට ඉදිරි දින කිහිපය කාළගුණයෙන් දැඩි බලපෑම්

නිව්සවුත්වේල්ස් , ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රදේශ වලට ඉදිරි දින 3 තුළ දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

Read More »