Search

වික්ටෝරියා ප්‍රාන්තයේ හිම පතනයත් සමග ජනතාවට දැනුම්දීමක්

නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල ඇතැම් ප්‍රදේශයන්හි හිම පතනයන් මේ වන විට වාර්තා වෙමින් පවතින බව කාලගුණ විද්‍යා කාර්යංශය දැනුම් දී තිබෙනවා.

කාලගුණ විද්‍යා කාර්යාංශය වාර්තාවලට අනුව හෙට සුළි කුණාටු අවදානමක් ද පැවතිය හැකි අතර ඒ සමග හිම පතනයන් ද සිදු විය හැකි බව සඳහන්.

මෙලෙස සුළි කුණාටු පැවතිය හැකි අවදානම් කලාප ලෙස නිව් සවුත් වේල්ස්හි Thredbo, Jindabyne, Mount Ginini, Bowral, Braidwood, Bombala, Adaminaby, Wonthaggi, Mount Baw Baw, Falls Creek, Mount Hotham, Mount Bull යන ප්‍රදේශ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ Omeo ප්‍රදේශය ද අයත්.

හිම පතනයත් සමග බොහෝ දෙනෙකු හිම ක්‍රීඩාවන්හි නිරත වන බව ද වාර්තා වන අතර දැඩි සුළං හේතුවෙන් උස් ප්‍රදේශවල හිම ක්‍රීඩාවල නිරතවීමේ දී අවධානයෙන් පසුවන ලෙසටයි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදන කර ඇත්තේ ඉදිරි සතිය තූල මෙම ප්‍රදේශවල වාර්තාගත හිම වැසි ද ඇද හැලීමට නියමිත බවයි.

හිම පතනයන් සිදුවන අවස්ථාවේ දී සංචාරවල යෙදීමෙන් හැකිතාක් දුරට වලකින ලෙසට ද වැඩිදුරටත් දන්වා තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »