
වික්ටෝරියා ප්‍රාන්තයේ Second Hand වාහන මිලදී ගැනීමේදි සැළකිය යුතු කරුණු ඇතුළත් වාර්තාවක් ප්‍රාන්ත රජය විසින් නිකුත් කර තිබෙනවා
භාවිත කරන ලද වාහනයක් මිලදී ගැනීමේ දී අවධානය යොමුකළ යුතු මෙම කරුණු Vicroads.vic.gov.au වෙබ් අඩවිය මගිනුයි ප්‍රකාශයට පත්කර ඇත්තේ.
එම කරුණු අනුගමනය කිරීම මගින් පාරිභෝගිකයින්ට Second Hand වාහනයක් මිලදී ගැනීමේදී මිල සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත්වී තීරණ ගැනීමට උපකාර වනු ඇති.

එහි පෙන්වා දී ඇති කරුණු අනුව අදාළ වාහනය මාර්ගයට සුදුසුද, ලියාපදිංචිය සහ එහි පෙර හිමිකරුවන් ගැන තොරතුරු, ධාවනය කර ඇති කිලෝමීටර් ප්‍රමාණය, ආරක්ෂාව සහ එන්ජින් විමෝචන ශ්‍රේණිගත කිරීම, සොරකම් කළ වාහනයක් ද යන්න සහ ලියකියවිලි වෙනස් කර ඇති ද යන්න සොයා බැලීම ඉතා වැදගත් බවයි දැනුම් දෙන්නේ.
Vicroads හි වාහන ලියාපදිංචි කිරීමේ සහ බලපත්‍ර සේවා ප්‍රධාන විධායක නිලධාරී ගිල්ස් තොම්සන් පවසන්නේ second hand වාහනයක් මිලදී ගැනීමේදී බොහෝ වික්ටෝරියානුවන්ට ව්‍යාකූල අත්දැකීම් ඇති විය හැකි බවයි.

ඒ අනුව ප්‍රමිතියෙන් යුත් second hand වාහනයක් මිලදී ගැනීමේදී ඔවුන්ට සහාය වීමට අවශ්‍ය තොරතුරු ලබා දීමත් වාහන වෙළඳපොලේ පාරිභෝගික විශ්වාසය සහ ආරක්ෂාව වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව සදහන්.
මෙමගින් පාරිභෝගිකයින්ට වාහනයේ තත්ත්වය, වටිනාකම සහ ආරක්ෂාව පිළිබඳ වඩාත් වැදගත් තොරතුරු Vicroads.vic.gov.au වෙබ් අඩවිය හරහා දැනගැනීමට හැකියාව පවතිනවා.