සිඩ්නි ඇතුලු ප්‍රදේශ රැසකට එළඹෙන සති අන්තය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 250 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තය තුළ මෙම සති අන්තයේ වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර නොකඩවා වැසි ඇතිවීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට හදිසි ගංවතුර තත්වයන් ඇති විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

හෙට සිඩ්නි දකුණු ප්‍රදේශවල මිලිමීටර 60 ඉක්මවු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වර්ෂාපතනය යළිත් අද (12) සිට ආරම්භ වන අතර ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට අද රාත්‍රියේ මිලිමීටර් 140 ඉක්මවු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ ඇන්ගස් හින්ස් සඳහන් කළේ ජනතාව නිරන්තරයෙන් කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් පසුගිය යුතු අතර ගංවතුර අවදානමෙන් ආරක්ෂාවීමට ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »