ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කළ මෙල්බන් කාන්තාවකට පොලිසියෙන් පාඩමක්

නියමිත ප්‍රමාණයට වඩා මත්පැන් පානය කර රිය ධාවනය කිරීමේ චෝදනාවට මෙල්බන් බටහිර ප්‍රදේශයේදී කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුධිර පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ නීත්‍යානුකූල මට්ටමට වඩා පස් ගුණයකින් ඇයගේ රුධිරයේ මත්ද්‍රව්‍ය සාන්ද්‍රණයක් අඩංගු බවටයි.

මැල්ටන්හි බැරීස් මාර්ගයේදී ඊයේ පස්වරු 1ට පමණ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ අතර එහිදී හෙළිවී ඇත්තේ ඇය සතුව තිබී ඇත්තේ අවලංගු කරන ලද රියදුරු බලපත්‍රයක් බවටයි.

එමෙන්ම ඇය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ සිදු කළ ශ්වසන පරීක්ෂණයේදී දශම .270ක ප්‍රතිඵලයක් පෙන්නුම් කර තිබූ බව සඳහන්.

මෙල්ටන් සවුත්හි පදිංචි සැකකාර කාන්තාවගේ මෝටර් රථය ඩොලර් 1006ක් ඇපයක් මත දින 28ක කාලයක් සඳහා නිදහස් කර ඇති අතර ඇයට ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට නියමිතයි.

තුන්වන චාල්ස් රජුගේ උපන් දින සැමරුම වෙනුවෙන් පැවති දිගු සති අන්තයේ වික්ටෝරියා පොලිසිය විසින් සිදු කරනු ලැබූ මෙහෙයුම්වලට අනුව මෙම කාන්තාව පොලිස් භාරයට ගනු ලැබූ බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ පසුගිය දින හතර තුළ සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් රථ වාහන වැරදි 7000කට වැඩි ප්‍රමාණයක් අනාවරණය කරගෙන ඇති අතර ඉන් 2855ක් අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධ වැරදි වන බවයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »