Search

වික්ටෝරියා ප්‍රාන්තයේ කුරුළු උණ නිසා වෙන්න යන දේ

වික්ටෝරියා ප්‍රාන්තයේ කුරුළු උණ රෝගය පැතිර යාම වැළක්වීම සඳහා තවදුරටත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බිත්තර ගොවිපළ හිමියන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

කෝල්ස් සුපිරි වෙළඳ සැල් ජාලය විසින් පාරිභෝගිකයන්ට බිත්තර මිලදී ගැනීමේ සීමාවක් ප්‍රකාශයට පත් කිරීමත් සමගයි ගොවිපළ හිමිකරුවන් මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ වන විට ගොවිපල කිහිපයක පැතිර යන කුරුළු උණ වෛරසය හේතුවෙන් රටපුරා බිත්තර හිඟයක් ඇති වනු ඇති බවට සැකයක් ද මතුවී තිබෙනවා.

ගොවින් වික්ටෝරියා කෘෂිකර්ම ආයතනයෙන් ඉල්ලා ඇත්තේ කුකුළු කර්මාන්තයට දැඩි පීඩාවක් වී ඇති කුරුළු උණ රෝගය වැළැක්වීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටයි.

බටහිර ඔස්ට්‍රේලියාව හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය මගින් බිත්තර මිලදී ගැනීමේ සීමාවක් හඳුන්වා දෙනු ලැබුවේ කුරුළු උණ නිසා ඒවා සැපයුම අඩාල වීම හේතුවෙන්.

ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට වරකට මිලදී ගත හැකි උපරිම බිත්තර ප්‍රමාණය පෙට්ටි දෙකකට සීමා වී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මරේ වොට් අද උදෑසන ප්‍රකාශ කළේ ජාතික වශයෙන් බිත්තර හිඟයක් අපේක්ෂා කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

මේ අතර බටහිර වික්ටෝරියා ප්‍රදේශයේ ගොවිපළවල් හතරක කුරුලු උණ ප්‍රභේදය හඳුනාගෙන ඇති අතර තවත් ගොවිපළකින් කුරුළු උණ රෝගයේ වෙනස් වෛරස් විශේෂයක් අනාවරණය වී ඇතැයි සඳහන්.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »