Search

ඔස්ට්‍රේලියානුවන්ටත් Apple Vision Pro අත්දැකීම විඳගන්න අවස්ථාව

Apple Vision Pro හෙවත් ඇපල් සමාගමේ පළමු 3D කැමරා විශේෂාංගය ඔස්ට්‍රේලියාවට හඳුන්වා දී තිබෙනවා.

Apple සමාගම විසින් සිය පළමු virtual reality headset නිෂ්පාදනය ප්‍රකාශයට පත් කිරීමෙන් වසරකට පසුවයි Apple Vision Pro මෙලෙස ඔස්ට්‍රේලියාවට හඳුන්වා දෙනු ලබන්නේ.

මෙම උපාංගය මෙතෙක් අලෙවි කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් වන අතර අද Cupertino හි පැවති Worldwide Developers Conference (WWDC) හිදී ඔස්ට්‍රේලියාව සඳහා සිය නිෂ්පාදනය අලෙවි කරන දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ට ඇපල් විෂන් ප්‍රෝ ලබන 28 වනදා සිට ඇණවුම් කිරීමට අවස්ථාව පවතින අතර ජූලි 12 වන දින සිට ඒවා පාරිභෝගිකයන්ට ලබා දෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ඩොලර් 5999ක මුදලකට අලෙවි කෙරෙන Apple Vision Pro මිල ගණන් සැලකෙන්නේ මෙතෙක් අලෙවි කෙරුණු මිල අධිකම Apple නිෂ්පාදනවලින් එකක් ලෙසටයි.

පෙබරවාරි මාසයේ අලෙවිය සිදු කරනු ලැබූ ඇමරිකාව තුළ උපාංගයේ සාර්ථකත්වය පිළිබඳ පසුගිය මාස කිහිපයේ කිසිදු ප්‍රකාශයක් සිදු වී නැහැ.

ෆේස්බුක් අයත් මෙටා සමාගම විසින් Meta’s Quest headset හඳුන්වා දෙනු ලැබුව ද වෙළඳපොලේ ඇති Apple සමාගමේ නිෂ්පාදනය පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ආකර්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »