Search

ව්‍යාජ කෙටි පණිවුඩයක් සහ ඊමේල් ගැන දැනුම්දීමක්

සෑම ඔස්ට්‍රේලියානුවන් තිදෙනෙකුගෙන්ම එක් අයෙක් මෑත කාලීනව බදු වංචාවලට හසුවන නව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

2023-2024 මූල්‍ය වර්ෂය අවසානයත් සමග මෙලෙස බදු වංචාවන් බහුලව සිදුවන අතර එය වංචාවක් ද යන්න හඳුනා ගැනීමට පවා නොහැකිවන අයුරින් සූක්ෂමව සිදුවන බවයි අනාවරණය වී ඇත්තේ.

මේ පිළිබද විමසිල්ලෙන් පසුවන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා.

කොමන්වෙල්ත් බැංකුව විසින් පත්කරන ලද පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම අධ්‍යනය සිදුකර ඇති අතර සමීක්ෂණයට සහභාගි වූ වැඩිහිටියන්ගෙන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම තමන්ට ලැබී ඇති ව්‍යාජ කෙටි පණිවුඩ සහ ඊමේල් පණිවුඩවලට රැවටී ඇති බව සඳහන්.

එම පණිවුඩ සත්‍ය ලෙස සලකා ඊට ප්‍රතිචාර දක්වා ඇති බවයි සමීක්ෂණයට ලක්වුවන්ගෙන් වැඩි දෙනෙකු සඳහන් කර ඇත්තේ.

රජයේ ආයතන මගින් යොමු කරනු ලබන කෙටි පණිවුඩ සහ ඊමේල් ලෙසට හැඟවෙන ආකාරයෙන් මෙම වංචනික පණිවුඩ ලැබී තිබීම ද ඒවාට රැවටීමට හේතුවක් වී තිබෙනවා.

ෆෙඩරල් රජය වැඩිදුරටත් ඔස්ට්‍රේලියානුවන්ට උපදෙස් ලබා දෙන්නේ ගෙවීම් සම්බන්ධ මෙවැනි පණිවුඩයක් ලැබූ සැනින් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට පෙර එය හොඳින් කියවා සත්‍යතාව පරික්ෂා කර එහි විශ්වාසනීයත්වයක් නොමැතිනම් ඒවා ප්‍රතික්ෂේප කරන ලෙසයි.

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »