ඔස්ට්‍රේලියානුවන් පිරිසකට අද සිට ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන්න බැරිවෙයි

අද සිට ඔස්ට්‍රේලියාවේ සූදු ක්‍රීඩා සිදු කෙරෙන වෙබ් අඩවිවලට මුදල් තැන්පත් කිරීම සඳහා ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීමට ඇති අවස්ථා අවහිර කර තිබෙනවා.

අද සිට නව නීති බලාත්මක වන බැවින් ඔන්ලයින් සූදු ක්‍රීඩාවේ නිරත වන පුද්ගලයන්ට ඔට්ටු ඇල්ලීම සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කිරීමට නොහැකි වන බවයි දැනුම් දෙන්නේ.

මෙම නීති පිළිබඳ අදහස් දක්වමින් සන්නිවේදන අමාත්‍ය මිචෙල් රෝලන්ඩ් ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියානුවන් තමන් සතුව නොමැති මුදල්වලින් සූදු නොකළ යුතු බවයි.

මෙම නියෝග ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන සමාගම්වලට ඩොලර් 234,750 දක්වා දඩ මුදලක් නියම කළ හැකි බව ද සඳහන්.

ඔන්ලයින් සුදූ ක්‍රීඩාවේ නිරත වන්නන්ට ක්‍රෙඩිට් කාඩ් භාවිතය තහනම් කිරීමේ නීති පාර්ලිමේන්තුවේ සම්මත කර මේ වන විට මාස 6ක පමණ කාලයක් ගතවී තිබෙනවා.

නව නීති රෙගුලාසි සහ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා ඔස්ට්‍රේලියානු සන්නිවේදන සහ මාධ්‍ය අධිකාරිය සතු බලතල ද තවදුරටත් පුළුල් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම ක්‍රෙඩිට් කාඩ්පත් තහනම ඔන්ලයින් සුදූ ක්‍රීඩා වැළක්වීම වෙනුවෙන් ගෙන ඇති BetStop ඇතුළුව රජයේ අනෙක් ක්‍රියාමාර්ගවලට අමතරවයි.

රජයේ වාර්තා පෙන්වා දෙන්නේ මේ වන විට පුද්ගලයින් 22,000ක් සුදූ ක්‍රීඩාවෙන් වළකින BetStop වෙබ් අඩවිය සමඟ ලියාපදිංචි වී ඇති බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »