මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima රැගත් ගුවන් යානයක් අතුරුදන් වී තිබෙනවා.
එම ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මලාවි උප ජනාධිපතිවරයා සහ තවත් නව දෙනෙකු රැගත් හමුදා ගුවන් යානය එරට අගනුවර වන Lilongwe සිට උතුරේ කඳුකර ප්‍රදේශයකට කෙටි සංචාරයක් සඳහා යමින් සිටියදී මෙලෙස අතුරුදන් වී ඇති බව සඳහන්.
51 හැවිරිදි උප ජනාධිපති Saulos Chilima රැගත් යානය අද පෙරවරු 9.17 ට දකුණු අප්‍රිකානු රාජ්‍යයේ අගනුවර වන Lilongwe වෙතින් පිටත් වී ටික වෙලාවකින් රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් වී තිබෙනවා.
යානය විනාඩි 45කට පමණ පසුව Mzuzu ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑමට තිබුණ ද එය සිදු වී නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.
මලාවි ජනාධිපති ලාසරස් චක්වේරාගේ කාර්යාලය නිවේදනය කළේ ගුවන් යානය රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වූ අවස්ථාවේ සිට එය එය සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති බවයි.
ජනාධිපතිවරයා විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සඳහා නියෝග කර ඇති අතර ඔහු සැලසුම් කර තිබූ බහමාස් රාජ්‍ය සංචාරය ද අවලංගු කර තිබෙනවා.