Road Trip යන්න ලොව හොඳම පාර ඔස්ට්‍රේලියාවේ

Timeout සඟරාව විසින් ලොව වඩාත් අලංකාර මාර්ග සංචාර (road trip) ගමනාන්ත සම්බන්ධයෙන් නවතම ශ්‍රේණිගත කිරීමක් නිකුත් කර තිබෙනවා.

DiscoverCars.com විසින් සිදු කළ අධ්‍යනයකට අනුව ලොව වඩාත් ආකර්ෂණීය රෝඩ් ට්‍රිප් (road trip) ගමනාන්තය ලෙස පළමු ස්ථානයට නම් කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ හෝබාර්ට් අගනුවර Mount Wellington කඳු පාමුල සිට ඉහළට යන මාර්ගයයි.

මාර්ග චාරිකා සඳහා ලෝකයේ හොඳම නගර ශ්‍රේණිගත කිරීම සඳහා ලොව පුරා මාර්ග දෙලක්ෂ පනස්දහසකට අධික ප්‍රමාණයක් සමාලෝචනය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ශ්‍රේණිගතකිරීමේ දෙවන ස්ථානය යුනෙස්කෝව විසින් ආරක්ෂා කරනු ලබන පෘතුගාලයේ Laurisilva වනාන්තරය අවට කලාපය නම් කර තිබෙනවා.

මෙහි තෙවන ස්ථානය ග්‍රීසියේ දූපතක් වන Kefalonia නම් කර ඇති අතර රෝඩ් ට්‍රිප් සඳහා වාඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් ලෙසටයි එය හඳුන්වා දී ඇත්තේ.

එම ශ්‍රේණිගත කිරීමේ සිව්වන ස්ථානයත් පෘතුගාලය හිමිකරගෙන ඇති අතර හතරවන ස්ථානයට පත්වී ඇත්තේ පෘතුගාලයේ Ponta Delgada නම් මාර්ගයයි.

ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි රටවල්වල මාර්ග මෙම ශ්‍රේණිගත කිරීමේ මුල් පෙළට පැමිණ නොතිබීම විශේෂත්වයක්.

මෙම ශ්‍රේණිගත කිරීමේ 10 වන ස්ථානය හංගේරියාව හිමිකරගෙන ඇති අතර Budapes මාර්ගය එලෙස මාර්ග සංචාරය සඳහා ආකර්ෂණීය ගමනාන්ත ලෙසයි නම් කර ඇත්තේ.

The 10 most beautiful road trip destinations in the world
1. Hobart, Australia
2. Funchal, Portugal
3. Kefalonia, Greece
4. Ponta Delgada, Portugal
5. Larnaca, Cyprus
6. Christchurch, New Zealand
7. Pointe-a-Pitre, Guadeloupe
8. Menorca, Spain
9. Lanzarote, Spain
10. Budapest, Hungary

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »