මෙල්බන්වලට එන්න හැදූ තහනම් ද්‍රව්‍ය නතර කළ අධිවේගයේ මෙහෙයුම

සිඩ්නි සහ මෙල්බර්න් වෙත රැගෙන එමින් තිබූ ඩොලර් මිලියන 2ක් වටිනා නීතිවිරෝධී දුම්කොළ සහ දුම්වැටි තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හියුම් අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයකදී කළ මෙම වැටලීම්වලින් කාන්තාවක් ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

චෝදනා එල්ල වූ එම සැකකරුවන් ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දීර්ඝ සති අන්ත නිවාඩුව ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ පොලිස් මෙහෙයුම සිදු කළ අතර එහිදී දුම්කොළ කිලෝ 800කට වැඩි ප්‍රමාණයක්, ඉලෙක්ට්‍රොනික දුම්වැටි 270,000ක් සහ නීති විරෝධී දුම්වැටි කාටූන් 48 ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

රිවරිනා දිස්ත්‍රික් පොලිස් පරීක්ෂක ජෝෂ් බ්‍රෝඩ්ෆුට් පැවසුවේ රජුගේ උපන්දිනය වෙනුවෙන් වූ දිගු සති අන්තයේ අහඹු මාර්ග පරීක්ෂණ වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වූ බවයි.

මෙම අත්අඩංගුවට ගැනීම් සඳහා ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇත්තේ නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය කරන වාහනවල සලකුණු හඳුනා ගැනීමට විශේෂ පුහුණුවක් ලැබූ නිලධාරීන් බව සඳහන්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »