දිගු සති අන්තය ඛේදවාචකයකින් අවසන් වෙයි

සිඩ්නි සදර්ලන්ඩ් ෂයර් වෙරළ තිරයේ Kurnell ප්‍රදේශයේදී රළ පහරට හසු වීමෙන් තරුණියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ප්‍රදේශයේ ගල් මත සිටි කාන්තාවන් පිරිස මෙලෙස දැඩි රළ පහරකට හසුවී ඇති අතර අනතුරින් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අද සවස 4.30ට පමණ කුර්නෙල් වෙරළ තීරයේ කාන්තාවන් පිරිසක් අනතුරට ලක්වී ඇති බවට හදිසි සේවා අංශවලට ලැබුණු තොරතුරකට අනුව ඔවුන් එම ස්ථානයට පැමිණ තිබුණා.

දියේ ගිලී සිටි කාන්තාවන් ආරක්ෂක අංශ විසින් බේරා ගැනීමෙන් පසු වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දුන්න ද දෙදෙනෙකුට එම ස්ථානයේදී ම මියගිය බව සඳහන්.

එක් කාන්තාවක් රෝහල් ගත කෙරුණු අතර ගල් පරවල ගැටීමෙන් ඇයගේ කොඳු ඇට පෙළේ ආබාධයක් ද මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රදේශය මසුන් අල්ලන පිරිස සඳහා ජනප්‍රිය ස්ථානයක් වුව ද මෙම කාන්තාවන් මසුන් ඇල්ලූ බවට කිසිදු තොරතුරක් නොමැති බව පොලිසිය ප්‍රකාශ කළා.

මියගිය කාන්තාවන් දෙදෙනා අවුරුදු 20 වයස්වල පසුවන නේපාල ජාතිකයන් බවට හඳුනාගෙන තිබෙනවා.

පසුගිය මාසයේදී ද මෙම වෙරළ තීරයේම රළ පහරකට හසුවීමෙන් ධීවරයින් දෙදෙනෙක් මරණයට පත්වී තිබුණා.

පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මරණ සම්බන්ධයෙන් සැක කටයුතු කිසිවක් හඳුනාගෙන නැහැ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »