ගිම්හානයේ සංචාරයට හොඳම රටවල් අතර ශ්‍රී ලංකාවත්

ගිම්හාන සෘතුවේ සංචාරය කිරීමට වඩාත් සුදුසු රටවල් තුන පිළිබද නවතම වාර්තාවක් Forbes සඟරාව විසින් නිකුත් කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ එලෙස සංචාරයට වඩාත් සුදුසු ගමනාන්ත තුන අතරට ශ්‍රී ලංකාව ද ඇතුලත් වීමයි.

එම ශ්‍රේණිගත කිරීමට අනුව ගිම්හාන සෘතුවේ සංචාරය කිරීමට වඩාත් සුදුසු රටවල් තුන අතර ග්‍රීසිය සහ මොරිෂස් (Mauritius) දුපත ද ඇතුලත්.

මෙම වසරේ පළමු කාර්තුවේදී ගෝලීය සංචාරක ව්‍යාපාර දත්ත හා සැසඳීමෙන් මෙම වාර්තාව නිකුත් කර ඇති බව සඳහන්.

මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ මිලියන 285ක පිරිසක් ජාත්‍යන්තරව සංචාරය කර ඇති අතර එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 20ක වැඩිවීමක් බව වාර්තා වනවා.

ඉදිරි මාස කිහිපය තුළ විශේෂයෙන් සංචාරකයින්ගේ ගමනාන්ත බවට පත්වන ප්‍රධාන රටවල් මෙලෙස ශ්‍රේණිගත කළ බවයි forbes වාර්තා පෙන්වා දෙන්නේ.

ග්‍රීසිය, මොරිෂස් දූපත සහ ශ්‍රී ලංකාව වැනි රටවල්වල පිහිටීම, දේශගුණික තත්වය, සහ නැරඹීමට සුදුසු ස්ථාන ලොව පුරා සංචාරකයින් සඳහා ගිම්හාන සෘතුවේ වඩාත් ආකර්ෂණීය වනු ඇති බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »