Search

ශීත ඍතුවේ පහසු මිලට ජැකට් ගන්න අවස්ථාවක්

ශීත සෘතුව පැමිණීමත් සමග ඔස්ට්‍රේලියානුවන් අතර ජැකට් භාවිත කිරීම ඉහළ යමින් පවතින බැවින් ඊට සමගාමීව නව විලාසිතා ද නිර්මාණය වෙමින් පවතිනවා.

ජීවන වියදම ඉහළ යෑමත් සමග ඔස්ට්‍රේලියානුවන්ට විලාසිතාවක් ලෙස ජැකට් පැළදීම හා ඊට අදාළ ජැකට් මිලදී ගැනීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඩොලර් 100ට අඩු මුදලකට විවිධ මොස්තරයන්ගෙන් යුත් ජැකට් විලාසිතා කිහිපයක් හඳුන්වාදීමට ඇමසන් ඔස්ට්‍රේලියා සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, හඳුන්වා දී ඇති මෙම Puffer ජැකට් කාන්තා සහ පිරිමි දෙපාර්ශවයට මෙන්ම ළමයින්ට ද නවීන විලාසීතාවන්ගෙන් යුක්තව ලබා ගැනීමේ හැකියාව හිමිවන බව සඳහන්.

වර්ණ ගණනාවකින් සහ විවිධ ශ්‍රේණිගත කිරීම්වලින් යුත් Puffer ජැකට් පහසු මිලට ලබාදීමටයි ඇමසන් සමාගම පියවර ගෙන ඇත්තේ.

ශීතකාලයට වඩාත් ඔරොත්තු දෙන මෙම ජැකට් ජීවන වියදම හමුවේ අරගල කරන එහෙත් නමුත් විලාසිතාවන්ට කැමති ඔස්ට්‍රේලියානුවන්ට වඩාත් වාසිදායක වනු ඇති.

විශේෂයෙන් කුඩා ළමුන් සඳහා ඩොලර් 44.90කට ජැකට් ලබා ගැනීමේ අවස්ථාව ද ඇමසන් සමාගම ලාබා දී තිබෙනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »