වන්දනාකරුවන් ගිය බසයට එල්ල වූ ප්‍රහාරය ජීවිත ගණනාවක් අහිමි කරයි

ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයේදී බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් වන්දනා ගමනක නිරත වෙමින් සිටි හින්දු බැතිමතුන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හින්දු බැතිමතුන් පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයකට සටන්කාමීන් කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රියාසි දිස්ත්‍රික්කයේ දී එල්ලවූ මෙම ප්‍රහාරයත් සමග බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව අසල පිහිටි ගඟකට පෙරළී ගොස් ඇති බව සඳහන්.

අනතුරට ලක්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති අතර, ප්‍රහාරකයන් සොයා ඉන්දීය හමුදාව සහ පොලිසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මේ සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති අතර තුවාල ලැබූවන්ට හැකි ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසටයි ඔහු බලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශවයක් මෙතෙක් භාරගෙන නොමැති අතර දිස්ත්‍රික් පොලිස් ප්‍රධානී මෝහිත ෂර්මා රොයිටර් පුවත් සේවයට පැවසුවේ සටන්කාමී කණ්ඩායමක් සැඟවී සිට බස් රථයට පහර දුන් බවයි.

මෙම ප්‍රහාරය පිළිබඳ පුවත වාර්තා වූයේ නරේන්ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අගමැති ලෙස දිවුරුම් දීමත් සමඟ වීම විශේෂත්වයක්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »