
යුරෝපා රටවල සහ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සඳහා යන ඔස්ට්‍රේලියානු සංචාරකයින් සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මෙම රටවල සංචාරයේ නිරත වීමේදී ඔස්ට්‍රේලියානු සංචාරකයින් දැඩි අවධානයෙන් සිටිය යුතු බවටයි සංචාරක විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත්තේ.
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් උලෙළ සහ යුරෝපා කලාපය පුරා සංවිධාන කර ඇති ටේලර් ස්විෆ්ට් ප්‍රසංග ඇතුළු උත්සව සමග වංචාකරුවන් සහ අපරාධකරුවන්ගේ ඉහළ ක්‍රියාකාරිත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම රටවල නිවාඩු ගත කිරීම සඳහා සූදානම් වන අයට අනතුරු අඟවා ඇත්තේ මෙම වසරේ විදේශ සංචාරවලදී විශේෂයෙන් වංචා තුනක් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි.
නවාතැන් වෙන්කර දෙන බව පවසන වෙබ් අඩවි, විවිධ ප්‍රසංග හෝ ක්‍රීඩා ඉසව් සඳහා ප්‍රවේශ පත් ලබා දීම මෙන්ම වැඩිපුර අයකිරීම හෝ වැරදි අයකිරීම් සම්බන්ධ වංචා ප්‍රධාන වශයෙන් පෙන්වා දී තිබෙනවා.

මෙම වංචා තුන විදේශයන්හි සිදුවන බව අනාවරණ වී ඇති අතර තමන් ගමන් කිරීමට සූදානම් වන රටෙහි කාලගුණය පරීක්ෂා කරන ආකාරයෙන් එම රටවලට පොදු වංචාවන් පිළිබඳව දැනුවත් වීමද ඉතා වැදගත් බවයි දැනුම් දෙන්නේ.
නවතම දත්තවලට අනුව, ඔස්ට්‍රේලියානුවන්ගෙන් තුනෙන් එකක් විදේශ නිවාඩුවක් සඳහා මුදල් ඉතිරි කරන බව හිටපු ෆෙඩරල් පොලිස් විධායකයෙකු ප්‍රකාශ කළා.
විදේශගත වීමේදී තම බැංකුවලට දැනුම් දීම මගින් තමන් රටින් බැහැරව සිටින විට ගිණුමේ සිදුවන සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණයට පහසුවක් බව ඔවුන් අවධාරණය කළා.
නවතම ජාත්‍යන්තර සංචාරක උපදෙස් සහ අනතුරු ඇඟවීම් සඳහා Smartraveller වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි.