දරුවන් වෙනුවෙන් වියදම් කිරීමට අකමැති ඔස්ට්‍රේලියානු දෙමව්පියන්

තම දරු මුණුබුරන් ජීවන වියදම හමුවේ ආර්ථික අරගලයක නිරත වුව ද විශ්‍රාමික වැඩිහිටියන් තම විශ්‍රාම මුදල් ඔවුන් සඳහා වියදම් කිරීමට මැලිකමක් දක්වන බව නවතම අධ්‍යයනයක දී අනාවරණය වී තිබෙනවා.

ඒ සඳහා සහභාගි වු වයස අවුරුදු 65ට වැඩි සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුම සඳහන් කළේ තම මුදල් තම මුණුබුරන් සඳහා වියදම් කිරීමට වැඩි කැමැත්තක් නොදක්වන බවයි.

තමන් එම වයසේදී දැනට වඩා මුල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දුන් බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

සමීක්ෂණයට ලක් වූ 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ තම දරුවන්ට උදව් කිරීමට අවශ්‍ය වුව ද ඒ සඳහා තම විශ්‍රාමික දිවියට අවශ්‍ය මුදල් කැප කිරීමට නොහැකි බවයි.

විශ්‍රාමිකයින් තම දරුවන්ට උදව් කිරීමට කැමති වුවද ඔවුන්ගේ ජීවන රටාවට වෙන් කර ඇති මුදලින් එලෙස වියදම් කිරීමට හැකියාවක් විශ්‍රාමික ජනතාවට නොමැති බව ද හෙළිවී තිබෙනවා.

සමීක්ෂණයට ලක්වූ වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ගෙන් අඩක් පමණ කියා සිටියේ තම දරුවන් සමග එකට නිවසේ ගත කිරීමට හැකියාව පවතින්නේ නම් දරුවන් වෙනුවෙන් උදව් කිරීමට සුදානම් බවයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »