ෆෙඩරල් රජය වීසා සම්බන්ධ නීතියක් සංශෝධනය කරයි

අපරාධකරුවන්ගේ වීසා අවලංගු කර ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට අදාළ නීති සංශෝදනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියා රජය විසින් DIRECTION 99 ලෙස හැඳින්වෙන නීති ප්‍රතිපාදනය මෙලෙස වෙනස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ආගමන විගමන අමාත්‍ය ඇන්ඩෲ ජයිල්ස් මේ සඳහා ඉදිරිපත් කළ නව වෙනස්කම්වලට රජය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වනවා.

මෙම නව නීති සම්පාදනය හරහා මීට පෙර පිටුවහල් කිරීමට නොහකි වූ අපරාධකරුවන් පිටුවහල් කිරීමට හැකි වනු ඇති බව සඳහන්.

පෙර පැවති තත්වය අනුව යම් අපරාධකරුවෙකු මෙරටින් පිටුවහල් කිරීමේදි අපරාධකරු හා රට අතර පවතින දිගුකාලීන සම්බන්ධතා කෙරෙහි අවධානය යොමු කෙරුණා.

නව නීතිය යටතේ අපරාධකරු සහ රට අතර පවතින දිගුකාලීන සම්බන්ධතා සළකා බැලිය යුතුය යන වගන්තිය සළකා බැලීමක් සිදු කළ හැකියි ලෙස සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

විශේෂයෙන් ස්ත්‍රී දුෂණ සම්බන්ධ වරදකරුවන් රටින් පිටුවහල් කිරීමට මීට පෙර පැවති වගන්ති හේතුවෙන් බාධා මතුවී තීබුණා.

මෙම නව වෙනස්කම්වලට අදාළව ඔස්ට්‍රේලියානු පරිපාලන විනිශ්චය සභාව හරහා අපරාධකරුවන්ගේ වීසා අවලංගු කිරීමේ දී සමාජ ආරක්ෂාව කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ද අවධාරණය කර තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »