Search

මෙල්බන්හි පිහිටි පෞරාණික ස්මාරකයකට කරපු අපරාධය

මෙල්බර්න් නුවර ස්ථාපිත කර තිබූ 3 වන ජෝර්ජ් රජුගේ ප්‍රතිමාවේ හිස ගලවා දමා රතු තීන්ත යොදා විනාශ කිරීමට සම්බන්ධ සැකකරුවන් පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

වසර 72ක් පමණ පැරණි මෙම ස්මාරකය ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් විසින් විනාශ කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

කිංග්ස් ඩොමේන් හි පිහිටි කිං ජෝර්ජ් ප්‍රතිමාවට හානි වී ඇති බවට වාර්තා අද උදෑසන 9 ට පමණ ලැබුණු තොරතුරු අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ තිබුණා.

ප්‍රතිමාවේ හිස ගලවා දමා එය විනාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එමෙන්ම මෙම කණ්ඩායම රතු තීන්ත යොදා ස්මාරකය රතු තීන්තවලින් විනාශ කරන ආකාරය ද එම වීඩියෝවේ සඳහන්.

මෙම වසර ආරම්භයේදී ද සෙන්ට් කිල්ඩා හි යටත් විජිත ස්මාරක දෙකක් ද මෙලෙස කිසියම් පිරිසක් විසින් විනාශ කර තිබුණා.

කැප්ටන් කුක්ගේ මූර්තියක පාද වළලුකරෙන් කපා දමා ගෙල වටා තොන්දුවක් දමා බිම තබා තිබූ අතර වික්ටෝරියා රැජිනගේ ස්මාරකය ද රතු තීන්තවලින් විනාශ කර තිබුණා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »