2030 වසර වන විට ඇති ඉලක්කයක් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

2030 වසර වන විට ඔස්ට්‍රේලියාව දේශගුණික ඉලක්ක සපුරාලීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.

පැරිස් ගිවිසුමට සම්බන්ධ පාරිසරික තත්වයන් පිළිබඳ සාකච්ඡාවකට එක් වෙමිනුයි අගමැතිවරයා මේ බව සඳහන් කළේ.

පසුගිය දෙසැම්බර් මාසයේ දේශගුණික විපර්යාස අධිකාරිය විසින් මෙරට පවතින වත්මන් පාරිසරික තත්වය පිළිබඳ විනිවිද භාවයකින් යුත් වාර්තාවක් ද නිකුත් කරනු ලැබුවා.

පැරිස් සම්මුතියට අනුව 2030 වසරේ සිට 2050 දක්වා වසර 20ක කාලසීමාව තුල පාරිසරික ඉලක්ක සඳහා ඊට අදාළ නීති සම්පාදනය කර රටේ පාරිසරික තත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑමට පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ

2030 වන විට පාරිසරික ඉලක්කයන්ගෙන් අවම වශයෙන් සියයට 42ක් සම්පූර්ණ කර ගැනීම මූලික අරමුණ වන අතර 2030 වසරේ ඉලක්ක ගත අරමුණ සියයට 43ක පාරිසරික තිරසාර බවක් ඇති කිරීම බව අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කළා.

ඔස්ට්‍රේලියාව දේශගුණික ඉලක්ක සපුරා ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට විපක්ෂ නායක පීටර් ඩර්ටන් කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තම පාලන කාලය තුළ ඔස්ට්‍රේලියාවේ පාරිසරික ස්ථාවරත්වය වර්ධනය වු බවයි.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »