ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන් පිරිසක් කනස්සල්ලෙන්

නිවාස අර්බුදය සහ ජීවන වියදම් ඉහළ යාම මධ්‍යයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් සියයට 80ක් පමණ තම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් කනස්සල්ලකින් පසුවන බව හෙළිවී තිබෙනවා.

පසුගිය සතියේ නිකුත් කරන ලද පර්යේෂණයකට අනුව පෙනී ගොස් ඇත්තේ තමන්ගේ වයසට දරුවන් පත් වන විට වඩාත් දුෂ්කර හෝ වර්තමානයේ පවතින ආකාරයේ මූල්‍ය අභියෝගවලට ඔවුන් මුහුණ දෙනු ඇති බවට දෙමව්පියන් සිතමින් සිටින බවයි.

කෙසේ වෙතත් මෙහි විශේෂත්වය වන්නේ තම දරුවන්ට ඉදිරි ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ජීවන රටාව සකස් කිරීමට සමීක්ෂණයට ලක්වූවන්ගෙන් සියයට 70ක් අකමැත්ත පළ කර තිබීමයි.

තම දරුවන්ට එම ආර්ථික ගැටලු විසඳා ගත හැකි ආකාරයෙන් තම ජීවන ක්‍රමවේදයන් වෙනස් කර ගැනීමට ඔවුන් අකමැත්තක් දක්වන බවයි එහිදී පැහැදිළි වී ඇත්තේ.

එහෙත් තම දරුවන්ට ධනය ලබාදීම වැදගත් බව වයස අවුරුදු 65 ඉක්මවූ හතරෙන් තුනක පමණ පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා.

නිවාස මිල දරාගත නොහැකි වීම සහ ජීවන වියදම් පීඩනය ඉහළ යාමත් සමඟම, ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමික ජනගහනය මෙවැනි ගැටලුවලට මුහුණ දෙමින් සිටින බවයි සඳහන් වන්නේ.

එමෙන්ම වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින දෙමාපියන්ගෙන් සියයට 56ක් පවසන්නේ තමන් පසුගිය වසර තුළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවයි.

ඉන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් මූල්‍ය ආධාර ඉල්ලා ඇති බවට ප්‍රකාශ කර ඇති අතර සමීක්‍ෂණයට ලක් වූවන්ගෙන් සියයට 55කට වඩා වැඩි පිරිසක් කියා සිටියේ තමන්ට එලෙස මුල්‍ය උපකාර ලබා ගැනීමට හැකි බව නොදැන සිටි බවයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »