පරිගණක භාවිත කරන ඔස්ට්‍රේලියානුවන්ට ෆෙඩරල් පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

වංචනික ඊමේල් සහ අන්තර්ජාල ක්‍රීඩා හරහා යොමු කෙරෙන වෛරස් මගින් අපරාධකරුවන් පරිගණක ඇතුලු උපාංගවල පාලනය තමන් සතු කර ගැනීමේ ඉහළ යාමක් පවතින බවට ෆෙඩරල් පොලිසිය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

මෙම තත්වය පාලනය කර ගැනීම සඳහා විමසිලිමත්ව කටයුතු කරන ලෙසටයි ඔස්ට්‍රේලියානුවන්ට උපදෙස් දී ඇත්තේ.

ෆෙඩරල් පොලිසිය පැවසුවේ තුන්වන පාර්ශවයකට පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ සොරකම් කිරීමට ඉඩ සලසන මෘදුකාංග වර්ගයක් වන RATS ලෙසද හැඳින්වෙන Remote Access Trojans හි වැඩි වීමක් සිදුව ඇති බවයි.

සයිබර් අපරාධකරුවන් නීත්‍යානුකූල ආකාරයේ මෘදුකාංග ඇතුලත් ඊමේල් සහ පරිගණක වීඩියෝ ක්‍රීඩා හරහා දුරකථන සහ පරිගණක උපාංගවලට වෛරස් යොමු කිරීම සඳහා RAT නම් මෘදුකාංග යොදා ගන්නා බව හෙළිවී තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඒවා බාගත කළ පසු ස්වයංක්‍රීයව අදාළ උපාංගයේ ක්‍රියාත්මක වන අතර එමගින් සයිබර් අපරාධකරුවෙකුට වෙබ් කැමරා, මයික්‍රොෆෝන, පාස්වර්ඩ්, ලිපිගොනු වැනි සියලුදේ පාලනය කිරීමට සහ ප්‍රවේශ වීමට ඉඩ සැලසෙන බව සඳහන්.

ෆෙඩරල් පොලිසිය වැඩබලන සහකාර කොමසාරිස් Chris Goldsmid සඳහන් කළේ මෙම තත්වය වසංගතයක් මෙන් පැතිරීම ආරම්භ වී ඇති බැවින් සියලුම ඔස්ට්‍රේලියානුවන් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සොයා බැලීමට සහ මෘදුකාංග මෙන්ම වෛරස් ගාඩ් යාවත්කාලීන කර තබා ගැනීම වැදගත් වන බවයි.

මෙවැනි වංචනික ක්‍රියාවන්ට සම්බන්ධ විදේශීය ජාතිකයෙකු ඇතුලු පිරිසක් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔස්ට්‍රේලියාවේ RAT තාක්‍ෂණය භාවිත කරන ඕනෑම අයෙකුට වසර 10ක උපරිම දඬුවමකට ද යටත් විය හැකියි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »