චාල්ස් රජුගේ උපන්දිනය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වන නම් ප්‍රකාශයට පත්වෙයි

තුන්වන චාල්ස් රජුගේ උපන් දිනයට අදාළව සිදු කෙරෙන සැමරුම්වලට සමගාමීව ගෞරවයට සහ සම්මානයට පාත්‍ර වන ඔස්ට්‍රේලියානුවන්ගේ නම් ප්‍රකාශයට පත්වී තිබෙනවා.

තම ප්‍රජාව වෙනුවෙන් කළ සේවය සහ ඔවුන්ගේ අසාමාන්‍ය ක්‍රියාකාරකම් පදනම් කර ගනිමිනුයි ඔස්ට්‍රේලියානුවන් සිය ගණනක් මෙලෙස ඇගයීමට ලක් කරනු ලබන්නේ.

ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි විසින් ඔස්ට්‍රේලියානුවන් 737 දෙනෙකු සඳහා මෙවර ගෞරව සහ සම්මාන හිමි වන බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම ලැයිස්තුවට විද්‍යාඥයින්, අධ්‍යාපනඥයින්, විනිසුරුවන්, පර්යේෂකයන්, පරිපාලකයින්, මාධ්‍යවේදීන්, සෞඛ්‍ය වෘත්තිකයන්, සූපවේදීන්, ස්වේච්ඡා ගිනි නිවන භටයින් මෙන්ම ව්‍යාපාරික නායකයින් ද ඇතුළත්.

මෙම නම් අතර විකට නළු හමිෂ් බ්ලේක්, නිව් සවුත් වේල්ස් හිටපු සෞඛ්‍ය අමාත්‍ය Jillian Skinner, ළමා විනෝදාස්වාදක සහ විකට නළු Jimmy Rees, හිටපු කම්කරු ඇමති සහ වෘත්තීය සමිති නායක Greg Combet, හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක Glenn McGrath, ගොල්ෆ් ක්‍රීඩක Peter Senior, හිටපු North Melbourne AFL සමාජයේ සභාපති Sonja Hood වනවා.

Order of Australia සම්මානය මෙවර වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස්, හිටපු බටහිර ඕස්ට්‍රේලියානු අගමැති මාර්ක් මැක්ගෝවන්, හිටපු ෆෙඩරල් කම්කරු නායක දිවංගත සයිමන් ක්‍රේන්, වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය කැරන් කැන්ෆෙල්, ඕස්ට්‍රේලියානු නිර්මාපක ශ්‍රීමත් ජොනතන් මිල්ස් සහ ව්‍යාපාරික කාන්තාවක් වන සමන්තා මොස්ටින් ඇතුලු 6 දෙනෙකුට හිමි වී තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »