මෙල්බන්වල Airport Rail Link ව්‍යාපෘතියට ගැටලුවක්?

යටිතල පහසුකම් ව්‍යාපෘති සදහා අරමුදල් වෙන් කිරීමත් සමග Airport Rail link ව්‍යාපාතිය සදහා තවදුරටත් පහසුකම් සපයන්නැයි වික්ටෝරියානු ප්‍රාන්ත රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

2018 මහ මැතිවරණ ජයග්‍රහනයත් සමග අදාළ ව්‍යාපෘති කඩිනමින් ඉටුකරන බවට බලධාරීන් පොරොන්දු වුව ද වසර 5ක් ගතවී ඇතත් තවමත් කිසිදු වැඩපිලිවෙලක් නොමැති බවයි වාර්තා වන්නේ.

ෆෙඩරල් රජය විසින් ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 5ක් වෙන් කර ඇති අතර ඉතිරි මුදල් ප්‍රාන්ත රජයේ අරමුදල්වලින් සපයා ගැනීමට සිදු වනු ඇති.

Airport Rail link ව්‍යාපෘතිය සදහා ඩොලර් බිලියන 10ක පිරිවැයක් දැරීමට සිදුවන අතර ඉතිරි මුදල් සොයා ගැනීමේ ගැටලුවක වික්ටෝරියා ප්‍රාන්ත රජය පසුවන බවයි වාර්තා වන්නේ.

රට පුරා සිදු කළ යටිතල පහසුකම් පිළිබද සමාලෝචනයකින් අනතුරුව වික්ටෝරියානු ප්‍රාන්තයට අදාළ ව්‍යාපෘතින් රැසක් අධික පිරිවැය හේතුවෙන් අවලංගු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් සදහන් කළේ අදාළ ව්‍යාපෘතිය පිළිබද වසර 3ක සිට සාකච්ඡා පැවතියද ඒ සම්බන්ධයෙන් ප්‍රාන්ත බලධාරීන් එකඟතාවයකට පැමිණ නොමැති බවයි.

මෙල්බන් අගනගරයේ ආරම්භ කිරීමට නියමිත Airport Rail link ව්‍යාපෘතිය අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් පිළිබද ව්‍යාපෘතීන්ට ඇතුලත් වන අතර අරමුදල් සොයා ගැනීම අනිවාර්යය බවයි වික්ටෝරියානු බලධාරීන් අවධාරණය කර ඇත්තේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »