ඔස්ට්‍රේලියානුවන්ට බිත්තර මිලදී ගන්න සීමාවක්

කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලය විසින් ඔස්ට්‍රේලියානුවන්ට බිත්තර මිලදී ගැනීමේදී තාවකාලික මිලදී ගැනීමේ සීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ බිත්තර ගොවිපළ කිහිපයක පැතිර යන කුරුළු වෛරසය හේතුවෙන් කෝල්ස් සුපිරි වෙළඳසැල් ජාලයට බිත්තර හිඟයකට මුහුණ දීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය මත සැපයුම් දාමය ඇණහිට ඇති බැවින් සමස්ත රට පුරා සිය වෙළඳ සැල්වල බිත්තර මිලදී ගැනීමේ සීමාවක් හඳුන්වා දීමට සමාගම කටයුතු කර තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ හැර අනෙකුත් සියලු ප්‍රාන්තවල පාරිභෝගිකයින්ට මිලදී ගත හැකි බිත්තර ප්‍රමාණය පෙට්ටි දෙකකට සීමා කර ඇති බව සඳහන්.

තම වෙළඳ සැල් වෙත පැමිණෙන සියලු පාරිභෝගිකයන්ට බිත්තර ලබා ගැනීමට හැකි බව සහතික කිරීම සඳහා මෙම තාවකාලික සීමාව පැනවූ බවයි කෝල්ස් සුපිරි වෙළඳසල් ජාලය නිවේදනය කළේ.

මේ අතර බිත්තර සැපයුම්කරුවන් සඳහන් කර ඇත්තේ බිත්තර පෙට්ටියක මිල ඉදිරි සති කිහිපය තුළ තුන් ගුණයකින් වැඩි විය හැකි බවයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »