වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ගැන අනාවරණයක්

සෙසු ප්‍රදේශයන්ට සාපේක්ෂව ළමා මානසික සෞඛ්‍ය පහළ මට්ටමක් පෙන්නුම් කෙරෙන ප්‍රාන්තය වික්ටෝරියා ප්‍රාන්තය බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

විශේෂයෙන් පශ්චාත් කොවිඩ් සමය තුළ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය තවදුරටත් පහළ අගයක් ගන්නා බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

පැවති සංචරණ සීමා හේතුවෙන් වයස අවුරුදු 12 ත් 24ත් අතර වයසෙහි පසුවූ නව යොවුන් සහ තරුණ ප්‍රජාව දැඩි ආතතියනික් පෙලුණු බව සඳහන්.

කෙසේ වෙතත් ඔවුන් යළිත් සාමාන්‍ය මානසික මට්ටම් කරා පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

2021 කොවිඩ් කාලවකවානුව තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවසේ සිට අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමත් සමග ළමා මානසික සෞඛ්‍ය පිරිහිම කෙරෙහි බලපා ඇති බවයි සමීක්ෂකයින් පෙන්වා දෙන්නේ.

ළමා මානසික වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දෙමාපියන් තම දරුවන්ගේ මානසික සෞඛ්‍ය නංවාලීම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්විය යුතු බවයි.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »