නිවුන් දැරියන් දෙදෙනාගේ ජීවිත නැති වූ අනතුර නිසා බටහිර ඔස්ට්‍රේලියාවේ මවට සිදුවූ දේ

බටහිර ඔස්ට්‍රේලියාවේ කැරබින් (Carrabin) ප්‍රදේශයේදී නිවුන් දැරියන් දෙදෙනෙකුට ජීවිත අහිමි කළ රිය අනතුරක් සම්බන්ධයෙන් එම දරුවන්ගේ මවට චෝදනා එල්ලවී තිබෙනවා.

පසුගිය පෙබරවාරි මස 18 වනදා පෙරවරු 11ට පමණ මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග ගමන් කළ මෝටර් රථය ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි අනාවරණ වූයේ.

එහිදී සුලු තුවාල ලබා සිටි 31 හැවිරිදි එම කාන්තාව ද රෝහල් ගත කෙරුණු අතර නිවුන් දැරියන් දෙදෙනා එම ස්ථානයේදී ම මරණයට පත්ව සිටි බව සඳහන්.

මියගොස් සිටි දැරියන් දෙදෙනා අවුරුදු 7 වයසේ පසු වුණා.

සැකකාර කාන්තාවට නොසැලකිලිමත් ලෙස රිය ධාවනය ඇතුලු චෝදනා කිහිපයක් එල්ලවී ඇති අතර ඇය අද නෝර්තම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »