
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් විසින් නව ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා.
කෝන්හෝල් (Cornhole) ලෙසින් හැඳින්වෙන මෙය අද කොළඹදී එළිදක්වනු ලැබුවේ ශ්‍රී ලංකා කෝන්හෝල් සම්මේලනය නිල වශයෙන් ආරම්භ කිරීමත් සමඟයි.
කෝන්හෝල් යනු ඕනෑම වයස් කාණ්ඩයක අයට සිදු කළ හැකි ක්‍රීඩාවක් වන අතර එය ඇමරිකා එක්සත් ජනපදයේ ඉතා ජනප්‍රිය විනෝදජනක ක්‍රීඩාවක් බවයි ඩිල්ෂාන් ප්‍රකාශ කළේ.

මෙම ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නව ජාත්‍යන්තර තරග අවස්ථා උදාකර දීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.
ලබන සැප්තැම්බර් මාසයේදී ලෝක කෝන්හෝල් ශූරතාවලියක් ජර්මනියේ පැවැත්වෙන අතර, එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

අද හඳුන්වා දෙනු ලැබූ මෙම Cornhole ක්‍රීඩාවේ පුහුණු වීම් ලබන ජුලි මස පළමුවනදා සිට ආරම්භ කෙරෙනවා.
ඩිල්ෂාන් පෙන්වා දුන්නේ මේවන විට ලොව රටවල් 17ක මෙම ක්‍රීඩාව ප්‍රසිද්ධියට පත්වී ඇති බවයි.
සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන ලෝක ශුරතාවට පෙර මූලික පුහුණුවක් ලෙස ආසියානු ශුරතවලියක් ද සංවිධාන කර තිබෙනවා.
ඒ ඉන්දියාව, පිලිපීනය, මැලේසියාව සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් අතරයි.