Facebook දැන්වීම නිසා මෙල්බන් කාන්තාවකට ඇවිදින්නත් බැරි වෙයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ දැන්විමකට අනුව මෝටර් රථයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු එම මෝටර් රථයේ හිමිකාර කාන්තාව අනතුරට ලක් කර රථය රැගෙන පළායාමේ සිදුවීමක් පිළිබඳ වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අනතුරින් පාදයට බරපතල තුවාල සිදු වූ කාන්තාවට සැත්කම් දෙකක් ද සිදු කර ඇති අතර ඇය තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මෙල්බන් හි පදිංචි මෙම කාන්තාවට සැත්කම හේතුවෙන් මාස ගණනාවක් යන තෙක් යළි ඇවිදීමට නොහැකි වනු ඇති බව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසු Facebook වෙබ් අඩවියේ ආරක්ෂාව වැඩි කරන ලෙස ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතර කිසියම් පුද්ගලයෙකු ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් භාවිතා කර මෝටර් රථය සොරකම් කිරීමට පැමිණ ඇති බව මෙම කාන්තාව පෙන්වා.දෙනවා.

කෝල්ස් සුපිරි වෙළඳ සැලක සේවය කරන මෙම කාන්තාවට තමාගේ මෝටර් රථය විකිණීමට කිසිදු අවශ්‍යතාවක් නොවුණ ද නිවසක අවශ්‍යතාව හේතුවෙන් එම තීරණය ගත බවයි ඇය කියාසිටියේ.

ෆේස්බුක් ඔස්සේ පළ කළ දැන්වීමට අනුව පරීක්ෂණ ධාවනය සඳහා පැමිණි සැකකරු ඇය රථයට නැගීමට පෙර වාහනය අයගේ පාදයක් මතින් ධාවනය කරමින් පළා ගොස් තිබුණා.

සැකකරු ව්‍යාජ ෆේස්බුක් ගිණුමකින් මෙම ගනුදෙනුව සිදු කර ඇති බැවින් සොයා ගැනීම අපහසු වී ඇති බව සඳහන්.

වික්ටෝරියා පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත අතර ඇයට සහාය ලබාදීමට මිතුරන් අරමුදලක් ද ආරම්භ කර තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »