වික්ටෝරියා ප්‍රාන්තයේ අවදානම් ප්‍රදේශයක් හඳුනා ගැනේ

ඔස්ට්‍රේලියානු නිවාසවලින් අඩක පමණ ප්‍රමාණයක් ස්වභාවික විපත්වලට ගොදුරු වීමේ අවදානමට ලක්ව ඇති බව නව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.

අදාළ වාර්තාවලට අනුව සමස්ත ඔස්ට්‍රේලියාවේ දේපල මිලියන 5.6ක් පමණ ලැව්ගිනි අවදානමට ලක්ව ඇති අතර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ගංවතුර අවදානමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තවත් නිවාස ඒකක දහස් ගණනක් වෙරළ ඛාදනය හේතුවෙන් තර්ජනයට ලක්වී තිබෙනවා.

ඇතැම් ප්‍රාන්තවල සියලු දේපලවලින් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් අනතුරුදායක තත්වයක පවතින බව සඳහන්.

නිව් සවුත් වේල්ස් ප්‍රන්තයේ Ballina වැඩිම ගංවතුර අවදානමක් ඇති ප්‍රදේශය ලෙසටත්, වික්ටෝරියා ප්‍රාන්තයේ Upper Yarra Valley වැඩිම ලැව්ගිනි අවදානමක් ඇති කලාපය ලෙසටත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Surfers Paradise දැවැන්තම වෙරළ ඛාදනයට ලක්ව ඇති ප්‍රදේශ ලෙසටත් හඳුනාගෙන තිබෙනවා.

සමීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 29ක පිරිසක් පමණක් තම නිවෙස් ආශ්‍රිත අවදානම පිළිබද දැනුවත්ව සිටින අතර අනෙක් පිරිසට එවැනි අවදානමක් පිළිබඳ දැනුවත් භාවයක් නොමැති බවයි.

ජනගහනය වර්ධනය වීම සහ රක්ෂණ ගාස්තු මිල ඉහළ යාම හමුවේ බොහෝ දෙනෙකු අනතුරුදායක ප්‍රදේශවල ජීවත් වන බවයි හෙළිවී ඇත්තේ.

මෙම අර්බුදයට කඩිනමින් විසඳුමක් සෙවීමට රජය පියවර ගත යුතු බව සමීක්ෂකයන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »