ඔස්ට්‍රේලියානුවන්ගේ මරණ සහතික පරීක්ෂාවෙන් පසු හෙළිවූ දේ

ඔස්ට්‍රේලියානුවන්ගේ මරණවලට ප්‍රධාන වශයෙන් හේතුවන රෝගාබාධ ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳ සෞඛ්‍ය අංශ නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

2022 වසරේදී ඕස්ට්‍රේලියානුවන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යාමට ප්‍රධාන හේතුව වූයේ හෘද රෝග බවයි එමගින් හෙළිවී ඇත්තේ.

එය අනෙක් සියලු රෝගාබාධවලින් මියයන සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ලෙසට සැලකෙනවා.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය හා සුභසාධන ආයතනයේ නව වාර්තාවක දක්වෙන්නේ මෙම තත්ත්වය සමස්ත මරණවලින් සියයට 20ක පමණ ප්‍රමාණයක් බවයි.

හෘද රෝග වැඩිම මරණවලට හේතුව වන අතර, ඩිමෙන්ශියාව, අධි රුධිර පීඩනය, දියවැඩියාව, ශ්වසන ආසාදන වැනි රෝග ද ඔස්ට්‍රේලියානුවන්ගේ මරණවලට හේතු ලෙසට හඳුනාගෙන තිබෙනවා.

මෙම වාර්තාව සම්පාදනය කර ඇත්තේ මරණ සහතිකවල ලැයිස්තුගත කර ඇති සියලුම කරුණු සොයා බැලීමෙන් අනතුරුවයි.

අධි රුධිර පීඩනය, දියවැඩියාව, මත්පැන් භාවිතය සම්බන්ධ රෝගී තත්වයන්, COVID-19 සහ වෙනත් සාධක ද මරණ සහතිකයේ සටහන් විය හැකි බව සමීක්ෂකයන් පෙන්වා දෙනවා.

මෙමගින් ජනතාවට වැඩි අවදානමක් ගෙන එන රෝග තත්වයන් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි අතර රෝගවල බලපෑම අවම කිරීම වෙනුවෙන් සෞඛ්‍ය ක්‍රමවේද ප්‍රවර්ධනයට ද එය දායක වන බව ඔවුන් ප්‍රකාශ කළා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »