ටස්මේනියාවේ අභිරහස් ළමා මරණයට නොසිතු දෙදෙනෙක් අත්අඩංගුවට

ටස්මේනියා ප්‍රාන්තයේ අවුරුදු 4ක් වයසැති කුඩා දරුවෙකු අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 31 වනදා අසාධ්‍ය තත්වයේ පසුවූ දරුවා ටස්මේනියා රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම මරණය සැක සහිත බව රෝහල් කාර්ය මණ්ඩලය පොලිසියට දැනුම් දී ඇති අතර ඒ අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

එම පරික්ෂණවලට අනුව ටස්මේනියාවේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකුට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර වයස අවුරුදු 30ක කාන්තාවක් ද සිද්ධියට අදාළව චෝදනා ලබා ඇති බවයි වාර්තා වන්නේ.

දරුවාට සිදු කළ අමානුෂික පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති අතර සැකකාර යුවළ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

ටස්මේනියා පොලිසිය අද නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ සැකකාර යුවළ මෙම දරුවා කුඩා කල සිට හොඳින් හඳුනන අය වන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »