ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සම්බන්ධ සීමාගැන අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රතිචාරයක්

ඔස්ට්‍රේලියාවේ නව අධ්‍යාපන සහ සංක්‍රමණ ප්‍රතිපත්ති හමුවේ ජාත්‍යන්තර සිසුන්ට සිදුව ඇති සීමාවන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙලෙස නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වාදීම, ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමයේ ඒකාග්‍රතාවය වර්ධනය කිරීමේ අරමුණින් සිදුවුවක් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අවදාරණය කළේ.

රට පුරා සෑම විශ්ව විද්‍යාලයකම නව ජාත්‍යන්තර ශිෂ්‍ය සීමාවන් පිළිබඳ උනන්දුවක් පැවති බවත් , COVID වසංගතයේ සිට ජාත්‍යන්තර සිසුන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර සමහර විශ්ව විද්‍යාල විසින් නියාමනයක් ඇති කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍යවරයා එහිදි සදහන් කළා.

ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම සඳහා විශ්ව විද්‍යාල සීමා පැනවීම සහ නව අධ්‍යාපන සේවා සංශෝධන නීති සම්පාදනය පිළිබඳ බොහෝ පාර්ශවයන් ෆෙඩරල් රජයට චෝදනා එල්ල කර තිබුණා.

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ එක්සත් රාජධානිය සහ කැනඩාව ද එවැනිම ගැටලුවකට මේ වන විට මුහුණ දී ඇති අතර එම රටවල් ද ජාත්‍යන්තර සිසුන් සදහා යම් සීමා පනවා ඇති බවත් ඔස්ට්‍රේලියාව තුළත් නිසි ක්‍රමවේදයක් පවත්වාගෙන යෑම වැදගත් බවයි.

වර්තමානයේ පවතින නිවාස අර්බුධය ද මෙම සීමා සදහා බලපෑම් කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළ අතර දැනට ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් හටද ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

තවද විදේශීය සිසුන්ගේ සංඛ්‍යාව අඩුවනවාට ඔබ කැමති ද යන්න මාධ්‍යවේදියිකු නැගූ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරීයේදි කාලයත් සමඟ ජාත්‍යන්තර සිසුන් තිරසාර ලෙස වර්ධනය වනු දැකීමට තමාට අවශ්‍ය බවයි.

තවද අමාත්‍යවරයා සදහන් කළේ මේ වන විට ඔස්ට්‍රේලියාවේ බොහෝ විශ්ව විද්‍යාල ජාත්‍යන්තර සිසුන් සඳහා යම් ආකාරයක නීතිමය සීමාවක් ඉල්ලා ඇති අතර වීසා බලපත්‍රයක් නිකුත් කිරීමේ දී නිවැරදි අරමුණු සඳහා මෙහි පැමිණෙන සිසුන් පිළිබද ස්වදේශ කටයුතු අමාත්‍යංශය සැළකිල්ලෙන් පසුවන බවද සදහන්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »