නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි අනතුරු ඇගවීම් 44ක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට තවදුරටත් හදිසි ගංවතුර අනතුරු ඇගවීම් ක්‍රියාත්මකව පවතින බැවින් ජනතාව ඒ පිළිබද අවධානයෙන් පසුවන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.

ගතවූ පැය විසිහතර තුළ පමණක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුරට හසුවූ පුද්ගලයින් 12 දෙනෙකු මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වී තිබුණා.

හදිසි ඇමතුම් අංක හා සම්බන්ධවූ පුද්ගලයින් 297දෙනෙකුට අවශ්‍ය උපකාර ලබාදීමට ද පියවර ගත්බවයි ප්‍රාන්ත රජන නිවේදනය කළේ.

ඒ අනුව මේ වන විට නිව්සවුත්වේල් ප්‍රාන්තයේ ගංවතුර අනතුරු ඇඟවීම් 44 ක් ක්‍රියාත්මක වූ අතර, තවත් හදිසි අනතුරු ඇඟවීම් 12 ක් ක්‍රියාත්මක වූ බවයි වාර්තා වන්නේ.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නිහි සෙනසුරාදා හදිසි ගංවතුර තත්වයක් ඇතිව තිබෙනවා.

මේ නිසා පහත් තදාසන්න ප්‍රදේශ කිහිපයක ජනතාව ඉවත් කිරීමේ නියෝග පනවා ඇති අතර, විපතට පත් ජනතාව මුදගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »