එංගලන්තය පැරදූ ඔස්ට්‍රේලියාව අපරාජිතව ඉදිරියට

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගයෙන් ලකුණු 36ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

බ්‍රිජ්ටවුන්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබාදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 201ක් රැස් කළා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.

ට්‍රැවිස් හෙඩ් පන්දු 18කින් ලකුණු 34ක් සහ ඩේවිඩ් වෝනර් පන්දු 16 කින් ලකුණු 39ක් ලබා ගත්තා. මිචෙල් මාෂ් ලකුණු 35යි.

ඒ අනුව ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

නායක ජොස් බට්ලර් ලකුණු 42ක් රැස් කළ අතර පන්දු යැවීමේදී ඇඩම් සම්පා සහ පැට් කමින්ස් එංගලන්ත කණ්ඩායමේ කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

මෙම පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය ලබන 11 වනදා පැවැත්වෙන්නේ නැමීබියාවට එරෙහිවයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »