මෙල්බන් නුවර මහ මග අහිමි වන ජීවිත ගැන අනාවරණයක්

මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ මෙල්බන් නගරය තුළ සිදුවූ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 53 දෙනකු මියගොස් තිබෙනවා.

වික්ටෝරියා පොලිසියේ රථවාහන දත්ත අනුව ජුනි 6 වනදා වන විට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු හේතුවෙන් මියගිය ගණන 123ක් බවයි වාර්තා වන්නේ.

එම මියගිය පිරිස අතුරින් 36 දෙනෙක් කාන්තාවන් වන අතර 84 දෙනෙක් පිරිමි පුද්ගලයින් ලෙස වාර්තා වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරුවලින් මියගිය පිරිස අතුරින් වැඩි දෙනෙක් අනතුරට පත් වාහනවල රියදුරන් වන අතර එලෙස මියගිය රියදුරන් ගණන 55ක්.

යතුරුපැදි අනතුරු හේතුවෙන් මියගිය ගණන 31ක් වන අතර අනතුරුවලට ලක්වී මියගිය පදිකයින් ගණන 17ක් ලෙසයි වාර්තා වන්නේ.

පොලිසිය දන්වා ඇත්තේ මාර්ග ආශ්‍රිත සිදුවන අනතුරුවලින් වැඩි ප්‍රමාණයක වගකීම රියදුරන් භාරගත යුතු බවයි.

ඒ අනුව රිය ධාවනයේ දී වගකීම් සහගත සහ ආරක්ෂාකාරී රිය ධාවනයෙහි නිරත වන්නැයි පොලිසිය රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »