ඕස්ට්‍රේලියා තරුණ ප්‍රජාව වෙනුවෙන් මනෝ විශේෂඥයින්ගෙන් කළ ඉල්ලීම

තනි භාවිත ඉලෙක්ට්‍රොනික දුම්වැටි මෙම වසරේ ජනවාරි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාව තුළතහනම් කිරීමත් සමග ඒ සඳහා ඇබ්බැහිවු තරුණ ප්‍රජාවට අවශ්‍ය උපදේශන සේවා පුලුල් කල යුතු බව මනෝ විශේෂඥයින් අවධාරණය කර තිබෙනවා.

දීර්ඝ කාලීනව ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට ඇබ්බැහිව සිටින පුද්ගලයින්ගේ හැසිරීම අදාළ තහනම බලාත්මක කිරීමත් සමගම ප්‍රචණ්ඩකාරී විය හැකි බවයි උපදේශකයින් අවධාරණය කර ඇත්තේ.

මෙම තහනමත් සමග තරුණ ප්‍රජාව මානසික ආතතීන්ට ලක්වීමේ ප්‍රවණතාවක් ඇති විය හැකි අතර තරුණ පරපුර ඉන් මුදවා ගැනීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බව ෆෙඩරල් රජය පවසනවා.

ඉලෙක්ට්‍රොනික දුම්වැටි තහනමින් පසු තරුණ ප්‍රජාවට අවශ්‍ය උපදේශණ ඇතුලත් මාර්ගෝපදේශ පද්ධතියක් නිකුත් කිරීමට ද නියමිතයි.

අදාළ මාර්ගෝපදේශන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙන් කිරීමට ද ෆෙඩරල් රජය සුදානම් බව සඳහන්.

මාර්ගෝපදේශ පද්ධතියක් තුළින් පමණක් අදාළ සේවා ක්‍රියාත්මක කිරීමට නොහැකි බව තරුණ සංගම් පෙන්වා දෙන අතර ඒ සඳහා මාර්ගගත ක්‍රමවේදයන් ද ස්ථාපිත කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියා තරුණ ජනගහණයෙන් හතරෙන් එකක් පමණ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයට පෙළඹී ඇති අතර අවුරුදු 14ත් 24ත් අතර වයස් කාණ්ඩය තුල එය අනතුරුදායක මට්ටමක් කරා එළැඹී ඇති බවද මෑතකදී සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබුණා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »