
ඔස්ට්‍රේලියාවේ විදේශ ගමන් බලපත්‍රය ලොව මිල අධිකම ගුවන් ගමන් බලපත්‍රය බවට පත් වීමට නියමිතව තිබෙනවා.
විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ගැනීම සඳහා වැය වන මුදල ඩොලර් 400කට ආසන්න අගයක් දක්වා ඉහළ යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
ෆෙඩරල් රජය මේ වසරේ දෙවන මිල වැඩිවීම ප්‍රකාශයට පත් කර ඇති අතර, ජනවාරි මාසයේ සිට විදෙස් ගමන් බලපත්‍ර සියයට 22.5ක සමස්ත වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා මෙම වසර ආරම්භයේ පැවති ඩොලර් 325ක මුදල ලබන ජුලි මස පළමු වනදා සිට ඩොලර් 398ක් දක්වා වැඩි වනු ඇති.
ඔස්ට්‍රේලියානු ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද වාර්තාවකින් හෙළි වූයේ විදේශ ගමන් බලපත්‍ර සැකසීම කොවිඩ් වසංගතයට පෙර පැවති මට්ටමට වඩා සියයට 56 කින් අඩු වී ඇති බවයි.

විපක්ෂය චෝදනා කරන්නේ විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කාලයක් බලා සිටීමට ද සිදුව ඇති අතර විදේශ ගමන් බලපත්‍ර වරප්‍රසාදය මිල අධික සුඛෝපභෝගී දෙයක් නොව මූලික අයිතිවාසිකමක් විය යුතු බවයි.
ඔස්ට්‍රේලියාවේ විදේශ ගමන් බලපත්‍ර ගාස්තු මේ වන විට ලෝකයේ වඩාත්ම මිල අධික ලෙසට සැලකෙන අතර මෙක්සිකෝවේ විදෙස් ගමන් බලපත්‍රයක මුදල ඩොලර් 346ක් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් 252ක් වනවා.