තරගය පැරදුණත් වනිඳුගෙන් වාර්තාවක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු වාර 20 ක්‍රිකට් තරගවලදී වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

ඒ, බංගලාදේශ කණ්ඩායම සමඟ අද පැවැති තරගයේ දී කඩුලු දෙකක් දවා ගැනීමත් සමඟයි.

ඒ අනුව මේ දක්වා ඔහුගේ පන්දු වාර 20 තරගවල දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 108ක් වනවා.

මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන තිබුණේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වූ ලසිත් මාලිංගයි.

තරග 84කට සහභාගී වූ ඔහු කඩුලු 107ක් දවා ගෙන තිබෙනවා.

වනිඳු හසරංග කඩුලු 108ක් බිඳහෙළා ඇත්තේ පන්දු වාර 20 තරග 67කට ක්‍රීඩා කරමින්.

ලකුණු 09කට කඩුලු 04ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම වනවා වන අතර අවස්ථා 03ක දී වනිඳු හසරංග කඩුලු 4ක් ද දවාගෙන ඇති බවයි ක්‍රිකට් වාර්තා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියක බංග්ලාදේශය හමුවේ පරාජයක් ලැබු පළමු අවස්ථාව ද මෙය වනවා.

ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ඔවුන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 124ක්.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට තිබෙන අවස්ථාව තවදුරටත් අවම මට්ටමකට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නම් ඉතිරි තරග දෙකම ජයගෙන දකුණු අප්‍රිකාව හෝ බංග්ලාදේශය ඔවුන් සහභාගී වන ඉතිරි තරගවලින් දෙකක් පරාජයට පත්විය යුතුයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »