හෙට (10) වෙළඳසැල් විවෘත වන වේලාවන් ගැන දැනුම්දීමක්

තුන්වන චාල්ස් රජුගේ උපන් දිනයට අදාළව සිදු කෙරෙන සැමරුම් හේතුවෙන් හෙට දිනයේ ඔස්ට්‍රේලියාවේ වෙළඳ සැල් විවෘතව තැබෙන වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රජුගේ සැබෑ උපන්දිනය නොවැම්බර් 14 වනදා වුව ද ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල එම උපන්දිනය ජුනි 10 වනදායි සමරනු ලබන්නේ.

රජයේ නිවාඩු දිනයක් ද වන එය මෙවර යෙදී ඇත්තේ හෙට වන අතර මේ හේතුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන් වෙනුවෙන් සුපිරි වෙළඳසල් විවෘත වන වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බටහිර ඕස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජුගේ උපන් දිනය සමරනු ලබන්නේ සැප්තැම්බර් 23 සහ ඔක්තෝබර් 7 වනදායි.

නමුත් අනෙකුත් ප්‍රාන්ත හෙට චාර්ල්ස් රජුගේ උපන් දිනය සමරන අතර මේ හේතුවෙන් ඇතැම් වෙළඳසැල් වසා තැබෙන අතර අනෙකුත් ඒවා විවෘත කරන වේලාවන් තරමක් දුරට වෙනස් වනු ඇති.

දකුණු ඕස්ට්‍රේලියාවේ බොහෝ දුරට සියලු වෙළඳ සැල් තැබෙන අතර පෝට් ලින්කන්, පෝට් ඔගස්ටා, මවුන්ට් බාර්කර්, මවුන්ට් ගැම්බියර් වැනි වෙළඳසැල් කිහිපයක් විවෘතව තබන බව සඳහන්.

සෑම ප්‍රාන්තයකම සහ ප්‍රදේශයකම බනිං වෙළඳසැල් සඳුදා සාමාන්‍ය පරිදි විවෘතව පවතින බවයි දැනුම් දී ඇත්තේ.

මෙදින බොහෝ වෙළඳසැල් පෙරවරු 10ට පමණ විවෘත කර සවස 6 පමණ වන විට වසා දැමීමට සැලසුම් කර තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියාවේ සියලුම වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථාන වසා දමන අතර වික්ටෝරියා ප්‍රාන්තයේ සියලුම වෙස්ට්ෆීල්ඩ් මධ්‍යස්ථාන උදේ 10 සිට සවස 5 දක්වා වෙළඳාම් සඳහා විවෘත බව සඳහන්.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »