අති උතුම් ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක් ඔස්ට්‍රේලියාවේ රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද

අති උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් බෙන්ඩිගෝ නගරයේ බෝධි ධම්ම විහාර පරිශ්‍රයේ රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද සිදු කෙරෙනවා.

දහවල් 12.30ට යෙදෙන සුබ මොහොතින් සියලු බෞද්ධ ආගමික වතාවත් සහ පුද සත්කාර සමගිනුයි ශ්‍රී මහා බෝධි අංකුරය රෝපණය කිරීමට සැලසුම් කර ඇත්තේ.

ඒ අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුලු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන්.

මෙම මහා පුණ්‍යකර්මයට සමගාමීව පූජ්‍යපාද දොරොව්වේ ඥානරතන හිමිපාණන් විසින් පවත්වනු ලබන මහා ආශීර්වාද පූජාවක් ද අද පෙරවරු 11 සිට සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා රජයෙන් ඉතිහාසයේ පළමු වරටයි මෙවැනි පරිත්‍යාගයක් ඔස්ට්‍රේලියාව වෙත සිදු කරනු ලබන්නේ.

මේවන විට ඔස්ට්‍රේලියාවට වැඩම කරවා ඇති ජය ශ්‍රී මහා බෝධි අංකුර ශාඛාව ඔස්ට්‍රේලියානු රජයේ ජෛව ආරක්ෂණ අධිකාරියේ උද්භිත විද්‍යාඥ කණ්ඩායමක රැකවරණය යටතේ සුරක්ෂිතව වැඩ සිටිනවා.

මෙම බෝධි රෝපණ මංගල්‍යය ඔස්ට්‍රේලියා රජය සහ ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව සිදු කෙරෙන මහා පුණ්‍යකර්මයක් වන අතර එම උතුම් පුණ්‍යකර්මයට බැතිබර මාධ්‍ය දායකත්වය සපයනු ලබන්නේ ඔස්ට්‍රේලියාවේ අංක එකේ ශ්‍රී ලාංකික මාධ්‍ය ජාලය වන Ausලංකා TV, Ausලංකා Radio ප්‍රමුඛ Ausලංකා මාධ්‍ය ජාලයයි.

මෙම උතුම් පුණ්‍යකර්මය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් ද පසුගියදා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබුණා.

ඔහු සඳහන් කළේ මෙම පූජනීය බෝධි වෘක්ෂය ඔස්ට්‍රේලියාවේ බෞද්ධ ප්‍රජාවට සහ සියලුම ඔස්ට්‍රේලියානුවන්ට දායාදයක් බවයි.

ඉදිරි වසර ගණනාවක කාලයක් තුල එය බුදු දහමේ විශිෂ්ටත්වය පිළිබඳ ජීවමාන සාක්ෂියක් වනු ඇති බව ඇන්තනි ඇල්බනිස් ප්‍රකාශ කළා.

මෙරට බෞද්ධ ප්‍රජාව, බහු සංස්කෘතියක් ඇති ඔස්ට්‍රේලියාවේ ශක්තිය සහ එකමුතුකම සඳහා මහඟු දායකත්වයක් සපයන අතර එම ශක්තිය සහ ශුභවාදී බව ඔස්ට්‍රේලියාව සැමට වඩා හොඳ තැනක් කරන බව අගමැතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »