මෙල්බන්වල ප්‍රසිද්ධ මත්ද්‍රව්‍යයක් ගැන සමීක්ෂණයක් හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය 2020 වසරේ සිට මේ දක්වා කාලසීමාව තුල ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව කොකේන් සහ අයිස් වැනි නීති විරෝධි මත්ද්‍රව්‍ය අලෙවිය මෙන්ම භාවිතය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොකේන් භාවිතය ඉහළම අග නගරය ලෙස සිඩ්නි නම් කර ඇති අතර ටස්මේනියා, ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියා යන ප්‍රාන්තවල ද මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් පෙන්නුම් කරන බව සදහන්.

මිලියන 14ක ජනගහනයක් වෙසෙන අගනගර කලාප කේන්ද්‍ර කර ගනිමින් අදාළ සමීක්ෂණය සිදු කර ඇති අතර එහිදී ලබාගත් සාම්පල අනුව තහවුරු වී ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර රට පුරා වැඩිම පරිභෝජනයක් සහිත නීති විරෝධි මත්ද්‍රව්‍ය ලෙස ගංජා හඳුනාගෙන ඇති අතර හෙරොයින් පරිභෝජනය අතින් ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ මෙල්බන් නගරයයි.

කොකේන් මත්ද්‍රව්‍ය පුද්ගල ජීවිතයට වැඩි බලපෑමක් සිදු කෙරෙන අතර අයිස් මත්ද්‍රව්‍ය මානසික හා ශාරීරික සෞඛ්‍යට දැඩි තර්ජනයක් එක් කරන මත්ද්‍රව්‍යක් ලෙස වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා.

මෙවැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය කිරීම සහ බෙදාහැරීම් සිදු කෙරෙන ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා රට පුරා දැනුවත් කිරීම් මෙන්ම වැටළීම් ද අඛණ්ඩව සිදුවනු ඇති.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »