Search

වික්ටෝරියා ප්‍රාන්තයේ කුරුළු උණ ආසාදිතයා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ කුරුළු උණ රෝගය වැළඳුණු පළමු ආසාදිතයාට ඉන්දියාවේදී එය ආසාදනය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙනවා.

පසුගිය මාසයේ ඉන්දියාවට ගිය වික්ටෝරියා ප්‍රාන්තයේ දරුවෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි එම සංවිධානය නිවේදනය කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි අවුරුදු දෙකක් වයසැති දැරිය පෙබරවාරි 12 සිට පෙබරවාරි 19 දක්වා කාලය තුළ කොල්කටාවේ සංචාරය කර මාර්තු පළමු වනදා නැවත ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව, දරුවා මාර්තු 2 වන දින රෝහල් ගත කරන ලද අතර සුවය ලබන තෙක් සති දෙකකට වැඩි කාලයක් එහි රැඳී සිටි බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මෙම දරුවාට වැළඳී ඇත්තේ අග්නිදිග ආසියාවේ සංසරණය වන නව වෛරස් ප්‍රබේධයක් වන අතර එය මීට පෙර මිනිසුන් තුළින් මෙන්ම කුකුළු මස්වලින් ද හමුවී ඇති බවයි.

මෙම දරුවාට කුරුළු උණ ආසාදනය වුව ද ඔස්ට්‍රේලියාවේ හෝ ඉන්දියාවේ කිසිදු සමීප ආශ්‍රිතයෙකුට පසුගිය මැයි 22 වන තෙක් කිසිදු රෝග ලක්ෂණයක් වාර්තා වී නොමැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.

වික්ටෝරියා ප්‍රාන්තයේ සත්ව නිෂ්පාදන වෙළඳපල හෝ ගොවිපල සමඟ සමීපව කටයුතු කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශය මහජනතාවට උපදෙස් දී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »